ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ITN රූපවාහිනිය සමග ක්‍රියාත්මක කරන "ITN මනුෂ්‍යත්වයේ සත්කාරය" වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහනක්  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංඛේතාත්මකව සිදු විය.ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ITN රූපවාහිනිය සමග ක්‍රියාත්මක කරන "ITN මනුෂ්‍යත්වයේ සත්කාරය" වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහනක්  කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංඛේතාත්මකව සිදු විය.මෙම වැඩසටහන කොලොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පොතේවෙල විනීත ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්  කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රතුකුරුස සමාජයේ  සභාපතිතුමා සහ එහි නිලධාරීන් , කොලොන්නාව නගර සභාවේ ගරු සභාපති ගුත්තිල සිල්වා මැතිතුමා , කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු ඉදුණිල් ජගත් කුමාර මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී .කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි මහතා ,සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් අනුශ්ක සිරිවර්ධන මහතා ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

Scroll To Top